
ලංකාවට සුවපහසු බස් රථ 100ක් ගෙන්වීමට ලංසු කැඳවයි
නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් බස් රථ (low-floor buses) 100ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, අමාත්‍යාංශය සඳහන් කළේ නවීන සහ ප්‍රධාන නගරවල කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා මෙම සුවපහසු බස් රථ යොදවන බවයි.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීමට, විශේෂයෙන් වැඩිහිටියන්ට සහ ආබාධ සහිත පුද්ගලයන්ට, පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිත කිරීම දිරිමත් කිරීමෙන් රථවාහන තදබදය අඩුකිරීමට උත්සාහ කරන බවද සඳහන් කරයි.
මේ සම්බන්දයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් යෝජනා කැඳවමින් නිල ලංසු කැඳවීමේ ආරාධනයක් (IFB) නිකුත් කර තිබෙනවා.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය බත්තරමුල්ලේ සෙත්සිරිපාය අදියර IIහි පිහිටා ඇති අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය හරහා සිදු කෙරෙන අතර වැඩිදුර විස්තර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.transport.gov.lk) හෝ 0112-187213 දුරකථන අංකයෙන් සහ ෆැක්ස් අංකයෙන් ලබාගත හැකියි.