ලංකාවේ එක් දිනක තහවුරු කළ ‘වැඩිම කොවිඩ් මරණ ගණන’ වාර්තා වේ

ලංකාවේ එක් දිනක තහවුරු කළ ‘වැඩිම කොවිඩ් මරණ ගණන’ වාර්තා වේ

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ,කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමගයි.

මෙරටින් එක් දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව එය වනවා.

එමෙන්ම මෙමස 16 දින සිට මැයි 22 දක්වා සිදුව ඇති කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 46 ක් බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මැයි 16 මරණ 04ක්, මැයි 17 මරණ 04ක්,මැයි 18 මරණ 03ක් මැයි 19 මරණ 08ක්, මැයි 20 මරණ 15ක් ,මැයි 21 මරණ 10ක් සහ මැයි 22 මරණ 02 ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙන්නේ.

ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178 ක්.

එම දින 6ක කාලය තුළ සිදු වූ මරණ අතර 29 හැවිරිදි කාන්තාවක් සිටින අතර සිදු වූ අනෙක් මරණකරුවන්ගේ වයස අවුරුදු 55න් ඉහළ බවයි වාර්තා වී තිබෙන්නේ.

Share This