ලංකාවේ නිපදවන ‘වාහන‘ මහපාරේ දකින දවස (PHOTOS)

ලංකාවේ නිපදවන ‘වාහන‘ මහපාරේ දකින දවස (PHOTOS)

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන මෙරට මාර්ගවල ධාවනය වන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මතුගම වැලිපැන්න ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ අංගණයක දී පැවති 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමුවරට මෙරට එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

වාහන නිපදවීමේ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවට කළ නොහැක්කක් නොමැති බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා, අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරු ද එක්ව සිටි බවයි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කළේ.

වාහන එකලස් කිරීමේ අංගණයේ වැඩකටයුතු නිරීක්ෂණය කළ අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.

Share This