ලංකාව තුල වාර්ෂිකව සිදුවන මරණ එක්ලක්ෂ 45,000 කින් 12,0000  ඉක්මවා හදිසි අනතුරු මරණ

ලංකාව තුල වාර්ෂිකව සිදුවන මරණ එක්ලක්ෂ 45,000 කින් 12,0000 ඉක්මවා හදිසි අනතුරු මරණ

හදිසි අනතුරු හේතුවෙන් මෙරට රෝහල් ගත කරන පිරිස් අතුරින් වාර්ෂිකව පුද්ගලයින් 2,500ත් 3,000ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අදින් ආරම්භ වූ ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙරට තුළ සිදුවන රෝහල් ගතවීම අතුරින් හදිසි අනතුරු ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව ජලාශ ආශ්‍රිත, රැකියා ස්ථානයේ, රිය අනතුරු ආදී විවිධාකාරයේ අනතුරු ප්‍රමුඛ තැනක් ගන්නා අතර, මෙරට ජනගහනයෙන් වාර්ෂිකව ලක්ෂ 30 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු හදිසි අනතුරුවලට ගොදුරු වන බවයි.

ඒ අනුව ලංකාව තුළ සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් පන්දහසක් වන අතර එම සමස්ත සංඛ්‍යාවෙන් 10,000ක් – 12,0000ක් අතර සංඛ්‍යාවක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සෑම විනාඩියකට ම අවම වශයෙන් මෙරට පුද්ගලයින් හයක්, අටක් අතර පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරු සිදුවන අතර, මෙලෙස හදිිසි අනතුරුවලට ගොදුරු වන්නේ බහුතරයක් වයස අවුරුදු 15 සහ 44 වයස් සීමාවන්ට අයත් පුද්ගලයින් බවයි .

ඒ අනුව මෙම අනතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This