
ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ හිටපු සභාපති අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහරී
අත්තනොමතිකව කොරියානු සමාගමට අවිධිමත් අන්දමට බදු ලබාදීම තුළින් රජයට 26,230,496 පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ 2012 වර්ෂයේ හිටපු සභාපති උපාලි ලියනගේ මිලියන පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(27) නියෝග කළා.
සැකකරු අද දින අල්ලස් හෝ දූෂණ කමිසම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරුණි.
සිද්ධියට අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඉල්ලුම් නොකරන ලද ව්‍යාපෘති යෝජනාවත් ලෙස ධීවර වරායවල ඇති වැලි කැණීම්කර එවා වැලි ශුද්ධ කර දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාම සඳහා Seo Woo Co.Ltd නැමැති කොරියානු සමාගමකට යොමු කළ ව්‍යාපෘති වාර්තාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදන එල්ල වී තිබෙනවා.
මීට අමතරව චෝදනා කර ඇත්තේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා නමැති කැණීම් යාත්‍රාව ද එකී සමාගමට අවිධිමත් අන්දමට බදු දීම තුලින් පාඩුවක් සිදුකර ඇති බවයි.
අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවට ගෙන උපාලි ලියනගේ අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ එකී සමාගමට අවිධිමත් අන්දමට බදු ලබා දීම තුළින් රජයට 26,230,496 ක පාඩුවක් සිදු කර ඇති බවයි.
1994 අංක 20 දරණ අල්ලස් පනත ප්‍රකාරව දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන් කොමිසම අධිකරණයට දන්වා තිබෙනවා.