ලක්ෂයකට අධික පිරිසකට විදුලිය නෑ -කැලිෆෝනියාවේ ප්‍රාන්ත 43කට හදිසි තත්ත්වයක්

ලක්ෂයකට අධික පිරිසකට විදුලිය නෑ -කැලිෆෝනියාවේ ප්‍රාන්ත 43කට හදිසි තත්ත්වයක්

එක්සත් ජනපදයට බලපෑ කුණාටු හේතුවෙන් කැලිෆෝනියාවේ සහ ඊසානදිග ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වර්ෂාව, හිම කුණාටු ,ගංවතුර සහ අධික සුළං එක්සත් ජනපදයේ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑමෙන් පසු දහස් ගණනක ජනතාවට විදුලිය නොමැතිවීමෙන් පීඩා විඳින බවයි පැවසෙන්නේ.

කැලිෆෝනියාවේ ගංගා පිටාර ගැලීම සහ නාය යෑම් දක්නට ලැබුණු අතර, නිව් යෝර්ක්හි අඩි තුනක් දක්වා හිම පතනය ඇති වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උතුරු-නැගෙනහිර බොහෝ ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් කැලිෆෝනියාවේ 100,000 කට අධික සංඛ්‍යාවකට විදුලිය නොමැති බවද සඳහන් වනවා.

කලාපයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ආණ්ඩුකාර Gavin Newsom කැලිෆෝනියාවේ ප්‍රාන්ත 58 න් 43 කම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This