ලක්ෂයකට අධික පිරිසක් සුඩානයෙන් පළා ගිය බවට වාර්තා -334,000ක් පමණ අවතැන්

ලක්ෂයකට අධික පිරිසක් සුඩානයෙන් පළා ගිය බවට වාර්තා -334,000ක් පමණ අවතැන්

ප්‍රතිවාදී කණ්ඩායම් අතර දරුණු සටන් ඇවිළී ගිය දා සිට 100,000කට අධික පිරිසක් සුඩානයෙන් පළා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

එමෙන්ම සුඩානය තුළ තවත් පුද්ගලයින් 334,000ක් අවතැන් වී ඇති බවද වාර්තා වනවා.

සටන් විරාමයක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදීත්, හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් (RSF) අතර, Khartoum අගනුවර සටන් දිගටම පවතින බවයි වාර්තා වී තිබෙන්නේ.

සටන් කරන පාර්ශ්ව සාකච්ඡා සඳහා ගෙන ඒමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් වේගවත් වෙමින් පවතින අතර දකුණු සුඩානයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ දෙපාර්ශ්වයම මැයි 4 සිට දින හතක සටන් විරාමයකට “ප්‍රතිපත්තිමය වශයෙන්” එකඟ වී සාකච්ඡා සඳහා නියෝජිතයන් යැවීමට පොරොන්දු වී ඇති බවයි.

සාකච්ඡා පැවැත්වුවහොත් ගැටුම ආරම්භ වූ පසු දෙපාර්ශවය අතර පැවැත්වෙන පළමු හමුව මෙය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුඩානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, සටන් වලින් 500 කට වැඩි පිරිසක් මිය ගොස් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

බොහෝ යුරෝපීය රාජ්‍යයන් ඔවුන්ගේ ජාතිකයන් ඉවත් කිරීම සම්පූර්ණ කර ඇති අතර Khartoum හි, ආහාර, ජලය සහ විදුලිය අවසන් වෙමින් පවතින බවද වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සුඩානයේ වරාය වෙත ගෙනවිත් ඇති අත්‍යවශ්‍ය ආධාර සැපයුම් ගබඩා කර ඇති නමුත් පවතින වාතාවරණය මත ඒවා ලබා දීමට ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති බවයි පැවසෙන්නේ

Share This