
ලක්ෂ 15 ක් වටිනා රත්‍රං සොරාගත් කාන්තාවක් පොලිස් දැලේ
මඩකලපුවේ කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති ප්‍රදේශයේ සිදු වූ ස්වර්ණාභරණ සොරකමක් සම්බන්ධයෙන් වවුනියාවේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවාස හිමියා කාත්තන්කුඩි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, රුපියල් ලක්ෂ 15 ක් වටිනා ස්වර්ණාභරණ සමග මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශනයේදී, කාන්තාව වවුනියාවේ ස්වර්ණාභරණ සාප්පුවකට සොරකම් කරන ලද ස්වර්ණාභරණ විකුණා ආරයම්පති ප්‍රදේශයේ නිවසක් කුලියට ගැනීමට ආපසු පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.
පසුව, කාත්තන්කුඩි පොලිසිය විසින් ආභරණ මිලදී ගත් වවුනියාවේ පදිංචි ස්වර්ණාභරණ වෙළෙන්දා ද ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණා.