ලක්ෂ 75 ක හොර දුම්වැටි මාට්ටු

ලක්ෂ 75 ක හොර දුම්වැටි මාට්ටු

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 250 ක් සගවා ගෙන සිටියදීයි රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ

මොහු මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , බහරේන් වෙත ගොස් , එතැන් ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා

මෙම පුද්ගලයා මහනුවර , ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන්

Share This