ලතා මංගේෂ්කාර් වෙනුවෙන් දින 02 ක ශෝක කාලයක්
අභාවප්‍රාප්ත වූ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ඉන්දීය රජය විසින් දින 02 ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද පස්වරුවේ මුම්බායි නුවරදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමටයි නියමිත වූයේ.
මිය යන විට ලතා මංගේෂ්කාර් 92 හැවිරිදි වියෙහි පසුවුණා.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ ගෞරවනීය පසුබිම් ගායිකාවක වූ ලතා මංගේෂ්කාර් මහත්මිය භාරතයේ නයිටිංගේල් සහ මෙලඩි රැජිණ වැනි ගෞරවනීය නාමයන්ගෙන්ද හඳුන්වනු ලැබුවා.