ලන්ඩනයේ විරෝධතා උත්සන්න වේ (VIDEO)

ලන්ඩනයේ විරෝධතා උත්සන්න වේ (VIDEO)

එංගලන්තයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට එරෙහිව සංවිධාන කරන ලද දැවැන්ත පා ගමන මේ වන විට විරෝධතාවක් බවට පත්ව තිබෙනවා.

එහි තේමාව වී ඇත්තේ ලන්ඩනය එක්සත් කරන්න යන්නයි.

ඊට 150,000 ඉක්මවූ පිරිසක් සහභාගී වී සිටින අතර ඔවුන්ට විරෝධය පලකරමින් Stand Up To Racism සංවිධානය විසින් මෙහෙයවන ප්‍රති -විරෝධතාවක්ද මෙලෙස ආරම්භ වී තිබෙනවා.

ඊට 5000 ඉක්මවූ පිරිසක් සහභාගී වී අති අතර දෙපිරිස අතර ගැටුම් පාලනය කිරීමට එරට ආරක්ෂක දැඩි උත්සහායක් ගනිමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට විරෝධතා පාලනය මේ වන විට අසීරු මට්ටමකට පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන් 26 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 25 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව තිබෙනවා.

Share This