ලප නොමැතිව උපත ලැබූ ලොව පළමු ජිරාෆ් පැටවා

ලප නොමැතිව උපත ලැබූ ලොව පළමු ජිරාෆ් පැටවා

සත්ත්ව ලෝකයේ දුර්ලභම දසුනක් අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් වාර්තා වනවා.

එනම් ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලැබීමයි.

මෙම පැටවා ජූලි 31 වනදා උපත ලබා ඇති අතර තවමත් නම් කර නොමැති බවයි Brights සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කරන්නේ.

ජිරාෆ් පැටවා ගැහැණු පැටවෙක් වනවා.

පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගන්නා අතර ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

ජිරාෆ් පැටවා දැනට අඩි හයක් උසින් සිටින අතර ඇගේ මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබනවා. .

මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි USA Today වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

Share This