
ලබන ජනවාරි මුල සිට පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි (VIDEO)
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු පැවසුවේ පොදු ප්‍රවාහනයට පැමිණිය යුත්තේ වගකීමක් ඇති මිනිසුන් පිරිසක් බවයි.
