ලබන වසරට කල්ගිය පාඨලීගේ නඩුව

ලබන වසරට කල්ගිය පාඨලීගේ නඩුව

සංදීප් සම්පත් නැමති තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක යන අයට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 28 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද (02) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව හා සමාන මෙයටම පාදක වන තවත් නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එයට අදාළව මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත ලබන පෙබරවාරි මස 28 වන දින කැඳවීමට නියෝග කර ඇති බව සඳහන්.

Share This