ලබන වසරේ අඛණ්ඩ LP ගෑස් සැපයුම සුරක්ෂිත කරන්න රජය ගත් තීරණය

ලබන වසරේ අඛණ්ඩ LP ගෑස් සැපයුම සුරක්ෂිත කරන්න රජය ගත් තීරණය

ලිට්‍රෝ සමාගම වෙත LP ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයාගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව ලබන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

2024 – 2025 කාලසීමාව සඳහා LP ගෑස් සැපයීම වෙනුවෙන් මේ වන විට ලංසු කැඳවා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළඹීම අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බවට පෙනී යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් බාධාවකින් තොරව LP ගෑස් මිලදී ගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන මර්ගොපදෙශවල විධිවිධාන පරිදි නැවත ඇණවුමක් වශයෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලීන කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

Share This