ලබන සතියේ පාර්ලිමේන්තුව හදිසියේ රැස්වෙයි

ලබන සතියේ පාර්ලිමේන්තුව හදිසියේ රැස්වෙයි

2024 ජූලි මස 02 වනදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර තිබෙනවා.

Share This