ලයින් කාමර අහෝසි කරනවා

ලයින් කාමර අහෝසි කරනවා

තමන් ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

අද (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

ජන රැලිය ඇමතු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පෝලිම්වල දුක් විඳි ජනතාව රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බවයි.

තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ඒ සියල්ල නිවැරදි කිරීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය දෙවසර තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේදී ඉල්ලා සිටින බවත් ඔහු එහිදී පැවසුවා

Share This