
ලසන්ත ඝාතන සැකකරු නිවසින් පළා ගිහින් (VIDEO)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා වෙඩික්කකරුවන් පැමිණ ඇත්තේ සොරා ගන්නා ලද යතුරුපැදියකින් බව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඉන් එක් යතුරුපැදියක් ඉමදූව ප්‍රදේශයෙන් සොරා ගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
මේ අතර අදාළ සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා මේ වන විට සිය පදිංචි නිවස අතහැර පලාගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිල කාමරයට පැමිණ ඔහුව ඝාතනය කළේ ඉකුත් 22 වැනිදායි.
වෙඩික්කරු, වෙඩිතැබීමෙන් අනතුරුව යතුරුපැදියකින් පලා ගියද පසුව ඔවුන් දෙදෙනා වෙන වෙනම යතුරුපැදි දෙකක නැගී පලා යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් ද ලැබී තිබුණා.
නගරයෙන් නගරයට ගමන් කරන අතරතුර ඔවුන් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුවේ අලවා ඇති ස්ටිකරය යතුරුපැදිය ධාවනය වන අවස්ථාවේම ගලවා අංක තහඩුවේ ස්ටිකරය තෙවරක් මාරුකරමින් පැමිණ ඇති බවත්, තොරතුරු අනාවරණ වී තිබෙනවා.
යුද හමුදාවෙන් පලා ගිය නමගිය අපරාධකරුවෙකු මෙම ඝාතනයට පැමිණ ඇති බව විමර්ශන කණ්ඩායම් මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.
ගාල්ල පොලිස් වසමේ පදිංචි සැකකරු මේ වන විට සිය පවුලේ අය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා වෙඩික්කකරුවන් පැමිණ ඇත්තේ සොරා ගන්නා ලද යතුරුපැදියකින් බව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඉන් එක් යතුරුපැදියක් ඉමදූව ප්‍රදේශයෙන් සොරා ගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
මේ අතර මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කර තිබූ ලිපිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ලිපියක් යොමු කර තිබූ බවද පොලිස් මූලස්ථානය එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ලිපිය මාතර, හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මඟින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.
තත්ත්වය සොයා බලා ලසන්ත වික්‍රමසේකර මහතාට ආරක්ෂිතව සිටින ලෙස දැනුම්දුන් බවටයි පොලිසිය පවසන්නේ.
ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට ඒ මහතාගේ මිදිගම නිවසේ තැන්පත් කර ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් ඊයේ රාත්‍රියේත් පැමිණ සිටියා.
