
ලාංකීය සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් අගමැති හරිනි අවුරුදු සමරයි
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ ජාතික උත්සවය අද(14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කඩුවෙල පහළ බෝමිරිය නීතිඥ සමන් ලීලාරත්න මහතාගේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය පූර්ව භාග 06.44 ට යෙදුණු සුබ නැකතට අඹ පැළයක් රෝපණය කර නව වසරට වැඩ ආරම්භ කළ බව සඳහන්.
ලාංකීය සිරිතට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුදුු චාරිත්‍ර ඉටු කිරීම, ජන ක්‍රීඩා, ජන ගායන හා නර්තන අංග රැසක් මෙහිදී දැකගත හැකි වීම විශේෂත්වයක්.
මෙම උත්සවය බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.