ලාඕසයත් හොඳටම හිරවෙයි

ලාඕසයත් හොඳටම හිරවෙයි

ලාඕසයේ උග්‍රවන ණය අර්බුදය රට දැඩි අර්බුදයක් කරා තල්ලු කරමින් ඇති බවත් ඔවුන් ණය පැහැර හැරීමේ අද්දරට පැමිණ සිටින බවත් ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන වි‍ට ලාඕසයේ විදේශ විනිමය සංචිත ණය පැහැර හැරීමකට සමීප විය හැකි තරම් අඩු මට්ටමකට පැමිණ ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අගෝස්තු මාසයේ වාර්තාවක් උපුටා දක්වමින් මූඩි ආයෝජක සේවයේ හි උප සභාපති සහ ජ්‍යෙෂ්ඨ ණය නිලධාරි අනුෂ්කා ෂා පැවසුවේ, ලාඕසය ණය පැහැර හැරීමේ ආසන්න මට්ටමටම පැමිණ ඇති බවයි.

යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දායකත්වය දුන් චීනයේ ලාඕසයේ විදේශ ණයවලින් අඩක පමණ ණය හිමියායි.

ජල විදුලි බලාගාර සහ දුම්රිය මාර්ග වැනි ව්‍යාපෘති සඳහා චීනය ලාඕසයට ණය දී ඇති අතර බොහෝ දුරට එම යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ණය ලබා දී ඇත්තේ චීන සංවර්ධන බැංකුව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව මගිනි.

Share This