ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කරනවා

ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කරනවා

රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන බවත් ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක් හෝ 40%ක් ඇති බවත් මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහාපරිමාණ තේ වගාවෙන් නොව අදටත් ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කර ප්‍රාග්ධන ශක්තියක් ලබා දීම හරහා ප්‍රශ්න ගණනාවක් ඉටු වන බවත් නිවසක් මෙන්ම වගාව සදහා ඉඩමක් ද ලැබෙන බවත් එහි දී ඔවුන්ගේ වැටුප් ගැටලුව පවා විසදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

එම නිසා මුඩු ඉඩම් ටික මේ පිරිසට ලබා දී කුඩා තේ වතු හිමියන් බහුලව බිහි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එක්වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.

Share This