ලැව්ගිනි මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පැලිසේඩ්ස් ගින්නෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර ඊටන් ගින්නෙන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි
ජාතික කාලගුණ සේවය අනාවැකි පළ කරන්නේ අද එල්ඒ ප්‍රාන්තයට සහ වෙන්චුරා ප්‍රාන්තයේ බහුතරයකට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බවයි.
මේ හේතුවෙන් අක්කර 13,609 කට වඩා විනාශ වී ඇති අතර ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයින් ගණනාවක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා