ලිට්රෝ සමාගමේ ගෑස් බෙදාහැරීමේ කටයුතු යළිත් අද සිට (වීඩියෝ)
පසුගියදා ගෑස් බෙදාහැරීමේ කටයුතු නවතා දමා තිබූ ලිට්රෝ සමාගම අද (18) උදෑසන සිට යළි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේකෂා කරන බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පවතින ගෑස් හිඟය පහව යනු ඇති බවයි එම සමාගම අපේකෂා කරන්නේ.
කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ ගෑස් නෞකා දෙකෙන් එක් ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ (17) පස්වරුවේ ආරම්භ කෙරුණා.
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ප්‍රමාණයක් මුතුරාජවෙල ගෑස් පර්යන්තය වෙත පොම්පකරන ආකාරය අද පෙරවරුවේ දැකගත හැකි වුණා.
ඒ අනුව අද (18) දිනයේ සිට දිවයිනපුරා ගෑස් ඛෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අපේකෂිතයි.
කෙසේ වෙතත් අද පෙරවරුව වනවිටත් ගෑස් අලෙවිසැල් ඉදිරිපිට ජනතාව පෝලිම්වල රැඳී සිටි ආකාරය දක්නට ලැබුණා.