ලිඩියා සුළි කුණාටුව මෙක්සිකෝවට

ලිඩියා සුළි කුණාටුව මෙක්සිකෝවට

ලිඩියා සුළි කුණාටුව මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

4 වන කාණ්ඩයේ ප්‍රබල කුණාටුවක් ලෙස හඳුන්වන ලිඩියා සුළි කුණාටුව ජලිස්කෝ ප්‍රාන්තයට පැයට සැතපුම් 140ක සුළගේ වේගයකින් ළඟා වනු ඇතැයි එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) ප්‍රකාශ කරනවා

හදිසි ගංවතුර තත්ත්වයක් ද අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ

මෙක්සිකෝවේ ජනාධිපති Andrés Manuel López Obrador පැවසුවේ නිවැසියන්ට උපකාර කිරීම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් 6,000 ක් යොදවා ඇති බවයි.

නගරයේ ගුවන් තොටුපළද වසා දමන බව නිවේදනය කර තිබෙනවා

පහත් ප්‍රදේශ, ගංගා සහ බෑවුම් වලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර දැඩි වර්ෂාපතනයක්ද පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This