ලිතුවේනියාවේ රැස්ව සිටින නේටෝ සාමාජිකයින් යුක්‍රේනය ගැන ගන්නා තීරණය ?

ලිතුවේනියාවේ රැස්ව සිටින නේටෝ සාමාජිකයින් යුක්‍රේනය ගැන ගන්නා තීරණය ?

යුක්‍රේනය ඉදිරියේදී නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව ලිතුවේනියාවේ අගනුවර වන Vilnius හි රැස්වී සිටින නායකයින් විසින් සාකච්ඡා කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නේටෝ නායකයෝ ලිතුවේනියාවේ රැස්ව සිටින අතර යුක්‍රේනයේ පවතින යුද්ධයේ දිශානතිය සහ බටහිර සන්ධානයේ අනාගතය හැඩගස්වාගත හැකි තීරණාත්මක කරුණු සාකච්ඡා කිරීම මෙම සමුලුවේදී සිදුවනු ඇති

දිගු කාලීනව යුක්‍රේනයට සහය දැක්වීමේ අධිෂ්ඨානය රුසියාවට පෙන්වීමට නේටෝවේ මිත්‍ර පාක්ෂිකයින් 31ම බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඉදිරියේදී රුසියානු ආක්‍රමණය වැලැක්වීම සඳහා නිර්මාණය කර ඇති නව ආරක්ෂක සහතික කිරීම් සමහර මිත්‍ර රටවල් Kyiv වෙත පොරොන්දු වනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් වනවා

එමෙන්ම තවත් ආයුධ සහ පතොරම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට මෙහිදී නියමිත බවයි වාර්තා වන්නේ

Share This