ලිබියානු මුහුදේ සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් ගිලෙයි

ලිබියානු මුහුදේ සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් ගිලෙයි

සංක්‍රමණිකයන් 60 කට වැඩි පිරිසක් ලිබියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී දියේ ගිලී මියගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ළමයින් ඇතුළු සංක්‍රමණිකයන් 61 දෙනෙකු මිය ගොස් ඇති බවයි

ඊයේ (16) යාත්‍රාව 86 දෙනෙකු සමඟ Zuwara නගරයෙන් පිටත් වූ බවයි එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පැවසුවේ

මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙක් නයිජීරියාව, ගැම්බියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලින් පැමිණි අය බව සඳහන්

දිවි ගලවාගත් 25 දෙනෙකු ලිබියානු රැඳවුම් මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This