ලිබියාවට වෛද්‍ය ආධාර ඉල්ලයි

ලිබියාවට වෛද්‍ය ආධාර ඉල්ලයි

දරුණුතම හානියට පත් ලිබියාවේ ඩර්නා නගරය ඇතුළු ස්ථාන කිහිපයක වෛද්‍ය සැපයුම් සඳහා හදිසි අවශ්‍යතාවයක් පවතින බැවින් ඉතා ඉක්මනින් එය සපයා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කුණාටුවට පෙර සිටම ලිබියාව ඇතුළු නැගෙනහිර මධ්‍යධරණී කලාපය සඳහා සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අධ්‍යක්ෂ රික් බ්‍රෙනන් සඳහන් කර තිබෙනවා

අනෙකුත් ආධාර ආයතනවල සහයෝගය මත ආධාර ලබාදීම කළ හැකි නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බටහිර හා නැගෙනහිර ලිබියාවේ ආණ්ඩු දෙක නිසා එය ප්‍රමාද වෙමින් පවතින බවයි .

ආධාර අවශ්‍ය තැන්වලට බෙදාහැරීම සඳහා රජයෙන් අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවද වාර්තා වී තිබෙනවා

Share This