ලිබියාවේදී ග්‍රීක ගලවා ගැනීමේ කණ්ඩායමක් තවත් වාහනයක ගැටීමෙන් අනතුරක් – 6ක් මියගිය බවට වාර්තා

ලිබියාවේදී ග්‍රීක ගලවා ගැනීමේ කණ්ඩායමක් තවත් වාහනයක ගැටීමෙන් අනතුරක් – 6ක් මියගිය බවට වාර්තා

ලිබියාවේ ගංවතුරෙන් විනාශ වූ ඩර්නා නගරයට බස් රථයක ගමන් කරමින් සිටි ග්‍රීක ගලවා ගැනීමේ කණ්ඩායමක් තවත් වාහනයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

ග්‍රීක ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු සහ ලිබියානු පවුලක සාමාජිකයින් තිදෙනෙකු මෙම අනතුරෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලිබියානු නිලධාරියෙකු පවසා තිබෙන්නේ මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු සහ බස් රථයේ සිටි තවත් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි

අනතුර පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසෙනවා

ලිබියාවේ නැගෙනහිර පාලනය කරන පරිපාලනයේ සෞඛ්‍ය අමාත්‍ය Othman Abdeljalil මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ අනතුර සිදුවන විට කණ්ඩායම නැගෙනහිර බෙන්ගාසි නගරයේ සිට ගමන් කරමින් සිටි බවයි.

Share This