ලිබියාවේ ගංවතුර ව්‍යසනයෙන් හඳුනාගත නොහැකි සිරුරු රැසක්

ලිබියාවේ ගංවතුර ව්‍යසනයෙන් හඳුනාගත නොහැකි සිරුරු රැසක්

ලිබියාවේ ගංවතුර ව්‍යසනයෙන් හඳුනාගත නොහැකි සිරුරු රැසක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නැගෙනහිර ලිබියානු නගරයක් වන ඩර්නාහි රෝහල්වල තවමත් හඳුනාගත නොහැකි සිරුරු රැසක් ඇති අතර ඒවා හඳුනාගැනීම අසීරු වී ඇති බවයි පැවසෙන්නේ

විශේෂඥයින් DNA පරීක්ෂණ සිදුකරමින් අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් නිල වශයෙන් අතුරුදන්ව සිටිනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වන විට මියගිය සංඛ්‍යාව 11,300ක් පමණ වන බවයි.

ජාත්‍යන්තර පරිත්‍යාග කළමනාකරණය කිරීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බව ලිබියාවේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආධාර දූත මණ්ඩලයේ ප්‍රධානී අබ්දුල්ලා බතිලි පවසා තිබෙනවා.

Share This