ලුනු මිල පහත දමයි

ලුනු මිල පහත දමයි

පාරිභෝගික භාණ්ඩ මිල නියාමනය පිළිබද රජයේ බලය ලත් ආයතනය වන පාරිභෝගික කටයුතු පිළිබද සභාව සමග ඇතිකරගත් එකගතාවට අනුව පාරිභෝගික වෙළදපලේ ලුනු මිල පහළ දැමීමට ලුනු නිෂ්පාදකයිගේ සංගමය නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක් වෙන්නේ රජය ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් අවශ්‍ය තරම් ලුනු තොග ලැබී ඇති බවයි.

ඒ අනුව කැට ලුනු කිලෝ ග්‍රෑම් 01 ක් මිල රු. 180 ල වන අතර ලුනු කුඩු කිලෝ ග්‍රෑම් 01 ක රු. 240 ක් වනවා.

ලුනු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක වෙළදපළ මිල වන්නේ රු. 120 ක්.

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුනු දිවයින පුරා බෙදා හැරීමට දින කීපයක් ගත්විය හැකි නිසා ඉන් අන්තුරුව මෙම මිල ගණන් වලට ලුනු මිල දී ගතහැකි නව අදාල නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

වෙඩි කා බේරුණු වනාතේ බිම්සර බූස්සේ දී ගෙළවැල ලාගෙන මියගොස් ඇති බවට බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන බිම්සර ගුණසේකර හෙවත් “වනාතේ බිම්සර” නැමැත්තාට කිසියම් පරිසක් වෙඩිතබා තිබුණේ 2024 වසරේ පෙබරවාරි19 දා රාත්‍රියේයි.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී රාත්‍රී 10ත් – 10.15ත් ආතර කාලයේ ඔහුට වෙඩි තබා තිබුණා.

මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුගේ ඉලක්කය වී තිබුණේ 38 හැවිරිදි “වනාතේ බිම්සර” නැමැත්තා බව පොලීසිය පැවසුවා.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛන ගතවී සිටින අයෙක්.

 

Share This