ලුසියානා හි ගෑස් නලයක් පුපුරයි

ලුසියානා හි ගෑස් නලයක් පුපුරයි

අමෙරිකාවේ ලුසියානා හි ගෑස් නලයක් පිපිරීමකට ලක්ව තිබෙනවා.

මෙම සිදුවීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු අදාළ ගෑස් සමාගමේ සේවකයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර තවත් නල කිහිපයක සැපයුම් මාර්ග ද අවහිර වී තිබෙනවා.

ගෑස් නලය පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

Share This