ලූණූ සඳහා වැඩි මිලක් ඉල්ලා පා ගමනක් යන ඉන්දියානු ගොවීන්

ලූණූ සඳහා වැඩි මිලක් ඉල්ලා පා ගමනක් යන ඉන්දියානු ගොවීන්

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් ලූණූ සඳහා වැඩි මිලක් ඉල්ලා මුම්බායි වෙත කිලෝමීටර් 200ක් දුර පාගමනක් ආරම්භ කර තිබෙනවා

විරෝධතා හේතුවෙන් ලූණූ වගාකරුවන් සඳහා යම් මූල්‍ය සහනයක් ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් යොමුවී ඇතත් ගොවීන් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ගොවීන් තම විරෝධතාව දිගටම කරගෙන යන බවයි සඳහන් කර ඇත්තේ

ලූණූ අස්වනු නෙලීමට කුලියට මිනිසුන් ගැනීමත් වෙළෙඳ පොළට ගෙන යාමට මුදල් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් ගොවීන් පවසන අතර ලූණූ විකිණීමෙන් වියදම් පියවා ගැනීමට නොහැකිවන බවත් පවසනවා

තම අස්වැන්න පුළුස්සා දැමීමට ඇතැම් ගොවීන් කටයුතු කර ඇති අතර තවත් සමහරු අගමැති නරේන්ද්‍ර මෝදිට ලූණූ පාර්සල් එවා ඇත්තේ මේ සඳහා අවධානය යොමු කිරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඉන්දියාව චීනයට පිටුපසින් සිටින ලොව දෙවන විශාලතම ලූණූ නිෂ්පාදකයා වනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේයි

රට පුරා නිෂ්පාදනය කරන නිෂ්පාදනවලින් 10-15% ක් පමණ වෙනත් රටවලට අපනයනය කෙරෙන බවද සඳහන් වනවා.

Share This