
ලෙඩ වූ පාසල් අනධ්‍යයන සේවකයින්
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ අනුව අද දිනයේ මහනුවර, උතුරු මැද සහ වයඹ යන පළාත් තුළ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බව සඳහන්.
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.