ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පරිදි සහය දෙනවා

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පරිදි සහය දෙනවා

ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

එම නිවේදනයේ දැක්වෙන්නේ බේරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංගම් සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයින් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවයි.

එමෙන්ම තානාපති කපිල ජයවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය පරිදි සහය ලබා දෙමින් සිටින බව සඳහන්

කෙසේ වෙතත් අතරමං වී සිටි ලාංකිකයින් කිහිප දෙනෙකු සහ තානාපති කාර්යාලය විසින් නවාතැන් පහසුකම් සලසා ඇති අය හැරුණු විට මේ දක්වා කිසිදු ලාංකිකයෙකු බරපතළ ලෙස පීඩාවට පත්ව නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙනවා

Share This