ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ආපදාවක් නොමැති බවට නිවේදනයක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ආපදාවක් නොමැති බවට නිවේදනයක්

ලෙබනනයේ ජිවත්වන කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු හට බරපතල ලෙස පීඩාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මෙහිදී ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන අතර එය තවදුරටත් වර්ධනයවෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදී ඇති බව සඳහන්.

බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංගම් සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවයි වාර්තා වන්නේ.

එහිදී තානාපති කපිල ජයවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පරිදි සහය ලබාදෙමින් සිටින බව සඳහන්.

අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු සහ තානාපති කාර්යාලය විසින් නවාතැන් පහසුකම් සලසා ඇති අය හැරුණු විට, මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම තත්ත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත්ව නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

Share This