
ලේලිය සමග එකම නිවසේ සිටි නැන්දම්මාගේ මරණය ගැන සැකයක්
ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් වේයන්ගොඩ නිවසක තිබිය දී පොලිසිය විසින් අද උදෑසන සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ මිහිඳු මාවත නිවසේ පදිංචිව සිටි 82 හැවිරිදි දෙදරු මවක්.
මියගිය කාන්තාවගේ පුත්‍රයා විදේශගතව රැකියාව කරන අතර මිය ගිය කාන්තාව සහ පුත්‍රයාගේ බිරිඳ (ලේලිය) සහ වයස අවුරුදු පහක ඔවුන්ගේ දරුවා සහ මියගිය කාන්තාව මෙම නිවසේ වාසය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ලේලිය සහ මියගිය කාන්තාව අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වී ඇති බවට අනාවරණය වී ඇති බවයි.
වතුපිටිවල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ලාල් කරුණාතිලක මහතා ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී මියගිය කාන්තාවගේ පාදවලපාදවල තුවාල ඇති බවට නිරීක්ෂණය කර තිබෙනවා.
එහිදී සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඥාතීන් යැයි කියාගත් පිරිසක් විසින් බාධා කරමින් කටයුතු කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ නිලධාරීන්ද ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
