ලේ වැගිරීම දැන් අවසන් කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් ලැබුණු පණිවිඩය
එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres, Mariupol හි ළමා රෝහලකට සහ මාතෘ වාට්ටුවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එය වඩාත් බිහිසුණු බවත් ලේ වැගිරීම දැන් අවසන් කරන්න යනුවෙනුත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා
ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ළමුන් සහ තවත් අය සුන්බුන් යට සිරවී සිටින බවයි පැවසෙන්නේ