ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිත්

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිත්

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා.

ඒ Global Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවටයි.

අදාළ ලැයිස්තුව A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර තිබෙනවා.

එහි A+ ඛාණ්ඩය යටතට ඉන්දියාව, ස්විට්සර්ලන්තය හා වියට්නාමය ඇතුළත් වී ඇති බව සඳහන්.

මේ සඳහා රටවල් 21ක් ඇතුලත් කර ඇති අතර එහි A- ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සිටීම විශේෂත්වයක් වනවා.

මීට අමතරව A ඛාණ්ඩය යටතේ බ්‍රසීලය, ඊශ්‍රායලය,මොරිෂස්, නවසීලන්ත, පේරු සහ තායිවානය යන රටවල් අන්තර්ගත වී තිබෙනවා.

කොලොම්බියාව, අයිස්ලන්තය,ඉන්දුනීසියාව,මෙක්සිකෝව, මොරොක්කෝව, නෝර්වේ, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව යන රටවල් A- ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් සිටින රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇති බව සඳහන්.

 

 

Share This