ලොව පළමු වරට ගර්භාෂයක් තුළ සිටින බිළිඳෙකුගේ මොළයේ සැත්කමක්

ලොව පළමු වරට ගර්භාෂයක් තුළ සිටින බිළිඳෙකුගේ මොළයේ සැත්කමක්

ලොව ප්‍රථම වරට අමෙරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් ගර්භාෂයක් තුළ සිටින බිළිඳෙකුගේ මොළයේ සැත්කමක් සිදු කර තිබෙනවා.

එම බිළින්දාගේ මොළයේ ඇති දුර්ලභ රුධිර වාහිනීවල හටගෙන තිබූ අසාමාන්‍ය තත්ත්වයක් සම්බන්ධයෙන් Ultrasound පරීක්ෂණයකින් නිරීක්ෂණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව බිළිඳු කළලයට සති 34 ක කාලයක් සම්පූර්ණ වන විට අදාළ සැත්කම සිදු කර තිබෙනවා.

එම බිළිඳා මවගේ ගර්භාෂය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සැත්කම සිදු කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

“Venus of Galen malformation” නමින් හැඳින්වෙන එම රෝගී තත්ත්වය මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලය නිසි ලෙස වර්ධනය නොවීම හේතුවෙන් ඇති වන්නක් බව සඳහන්.

මෙම විකෘතිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධික රුධිර ප්‍රමාණයක් ශිරා සහ හෘදය ආතතියට පත් කරන අතර සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වන බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ළදරුවන්ට ප්‍රතිකාර කරන්නේ ඔවුන් ඉපදුණු පසුව වන අතර එහිදී රුධිර ප්‍රවාහය මන්දගාමී කිරීම සඳහා වන කුඩා දඟර ඇතුළු කිරීමට කැතීටරයක් භාවිතා කිරීම සිදු කරනු ලබන බව සඳහන්.

අදාළ රෝගී තත්ත්වය ඇති ළදරුවන්ගෙන් 50% – 60% ත් අතර පිරිසක් ඉතා ඉක්මනින් රෝගාබාධයන්ට ගොදුරු වන අතර 40% ක මරණ අනුපාතයක් ද පවතිනවා.

දිවි ගලවා ගන්නා ළදරුවන්ගෙන් අඩක් පමණ දරුණු ස්නායු හා සංජානන ගැටළුවලට සිය ජීවිත කාලය තුළම මුහුණදෙන බව සඳහන්.

Share This