ලොව ප්‍රථම මානව රොබෝ සමුළුව

ලොව ප්‍රථම මානව රොබෝ සමුළුව

ලොව පළමු මානව රොබෝ සමුළුව ජිනීවාහිදී පවත්වා තිබෙනවා.

එහිදී AI සක්‍රීය මානවරූපී රොබෝවරුන්ගේ මණ්ඩලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසුවේ අවසානයේදී මිනිසුන්ට වඩා හොඳින් ඔවුන්ට ලෝකය මෙහෙයවිය හැකි බවයි

එහිදී AI මානවරූපී රොබෝවරු නවයක් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර එය ලොව ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී කෘත්‍රිම බුද්ධිය සහ එය භාවිතා කරන සියලුම දත්ත ලැබෙන්නේ මිනිසුන්ගෙන් පමණක් බව පුද්ගලයෙක් පෙන්වා දුන් අතර ඊට එක් රොබෝවරයෙක් පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ මිනිසුන් සහ AI එකට වැඩ කිරීමෙන් ඵලදායි සහජීවනයක් ඇති කළ හැකි බවට තමන් විශ්වාස කරන බවයි යනුවෙනුයි

Share This