ලොව පුරා කුරුලු උණ වෛරසයේ වෙනසක්

ලොව පුරා කුරුලු උණ වෛරසයේ වෙනසක්

ලොව පුරා කුරුල්ලන් අතරින් වාර්තා වන කුරුලු උණ සිද්ධීන් තුළින් එම වෛරසය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් ඒ තුළින් මිනිසුන්ට ඇති විය හැකි අවදානම අවම මට්ටමක පවතින බව සඳහන්.

එමෙන්ම වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත විශේෂඥයින් පවසා ඇත්තේ ක්ෂීරපායින් තුළ කුරුලු උණ පැතිරීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි

මෙම වසර ආරම්භයේ සිට එහි උතුරු වෙරළ තීරයේ කුරුලු උණ හේතුවෙන් මුහුදු සිංහයන්, පෙන්ගුවින්, Porpoises සහ ඩොල්ෆින් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද පසුගිය සතියේ චිලී රාජ්‍ය ප්‍රකාශ කළා

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂකයින් පවසන්නේ බොහෝ ක්ෂීරපායින් ආසාදිත කුරුල්ලෙකු ආහාරයට ගැනීමෙන් වෛරසය වැළඳී ඇතැයි විශ්වාස කරන බවයි

Share This