ලොව මාධ්‍ය නිදහසෙන් අංක එක NORWAY දිනා ගනියි

ලොව මාධ්‍ය නිදහසෙන් අංක එක NORWAY දිනා ගනියි

ලොව මාධ්‍ය නිදහසේ අංක එකේ රට බවට නෝර්වේ රාජ්‍යය පත්ව තිබෙනවා.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකය අනුව නෝර්වේ පළමු ස්ථානයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි අවසන් ස්ථානයට පත්ව ඇත්තේ එරිත්‍රියාවයි.

මෙම ලැයිස්තුව අනුව ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී තිබෙනවා.

ෆින්ලන්තය එහි පස්වැනි තැන පසුවන බව සඳහන්.

මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාවට 159 වැනි ස්ථානය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This