ලොව වඩාත්ම නොමේරු නිවුන් දරු උපත  ලෙස කැනඩාවෙන් ගිනස් වාර්තාවක් (PHOTOS)

ලොව වඩාත්ම නොමේරු නිවුන් දරු උපත ලෙස කැනඩාවෙන් ගිනස් වාර්තාවක් (PHOTOS)

සති 22කින් උපත ලද කැනේඩියානු සහෝදරයෙකු සහ සහෝදරියක් ලොව වඩාත් නොමේරු දරු උපත ලෙස ගිනස් වාර්තාවලට එක්වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2018 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේදී උපන් නිවුන් දරුවන්ගේ වාර්තාව අභිබවා යමින් ආඩියා සහ ඒඩ්‍රියල් දින 126කදී උපත ලබා තිබෙනවා.

මෙම නිවුන් දරුවන් දෙදෙනා සති 22ට පැයකට පමණ පෙර උපත ලැබුවේ නම් ඔවුන්ගේ ජිවිත ආරක්ෂාව පිළිබඳව ද ගැටළු මතුවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වාදී ඇත්තේ.

පුර්ණ කාලින ගැබ් ගැනිමක් සාමාන්‍යයෙන් සති 40ක් වනවා. මෙම නිවුන් දරුවන් සති 18කින් නොමේරු දරුවන් වනවා.

නිවුන් දරුවන්ගේ මව වන ෂකිනා රාජේන්ද්‍රම් පවසන්නේ සති 21න් ප්‍රසව වේදනා ආරම්භ වීමෙන් පසු දරුවන් දෙදෙනාගේ ජීවත්වීමේ හැකියාව 0% වන බව වෛද්‍යවරුන් පැවසූ බවයි.

මෙතරම් නොමේරු දරු උපතක් සඳහා උපකාර කිරීමට නොහැකි බව රෝහල් බලධාරීන් පැවසූ බව මෙම නිවුන් දරුවන්ගේ පියා වන කෙවින් නඩරාජා පවසනවා.

බොහෝ රෝහල් සති 24 සිට 26 දක්වා උපත ලබන දරුවන් බේරා ගැනීමට උත්සාහ නොකරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මෙම යුවළට අලුත උපන් දරුවන් සඳහා වන දැඩි සත්කාර ඒකකයක් ඇති ටොරොන්ටෝ හි මවුන්ට් සීනායි රෝහල වෙත යාමට හැකිවූ බව නිවුන් දරුවන්ගේ දෙමව්පියන් පවසා තිබෙනවා.

මුල් කාලයේ බරපතල වෛද්‍ය ගැටලු තිබුණද, ආඩියා සහ ඒඩ්‍රියල් දැන් වසරක් පමණ ජිවත් වෙමින් ගිනස් වාර්තාවලට එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This