ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක්ට

ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක්ට

2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා.

ඒ අමෙරිකානු ටයිම්ස් සඟරාව සිදු කළ පාඨක මත විමසීම්වලට අනුවයි.

රංගන ශිල්පිනී Michelle Yeoh, මළල ක්‍රීඩිකා Serena Williams, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg මෙන්ම බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva ද පසු කර යමින් ෂාරුක් ඛාන් මෙම ස්ථානයට පත්වීම විශේෂත්වයක් වනවා.

ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමේදී මිලියන 1.2 කට අධික ඡන්ද ප්‍රමාණයකින් 4% ක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබාගෙන ඇති බව සඳහන්.

2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් සහ එහි තෙවන ස්ථානයට කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිව තිබෙනවා.

ටයිම්ස් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බ්‍රිතාන්‍යයේ හැරී – මේගන් යුවළ සිව්වන ස්ථානයටත්, සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi එම ලැයිස්තුවේ පස්වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.

Share This