ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපානයේ ටොමිකෝ ඉටූකා (Tomiko Itooka) මියගොස් තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය යනවිට ඇය 116 වියේ පසු වූ බවයි
ඇය 1908 මැයි 23 වන දින අෂියා අසල ඔසාකාහි වාණිජ කේන්ද්‍රස්ථානයේ උපත ලබා තිබෙනවා
එමෙන්ම දරුවන් හතර දෙනෙකු සහ මුණුබුරන් පස් දෙනෙකු ද ඇයට සිටින බව සඳහන්
2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 දී ස්පාඤ්ඤයේ Maria Branyas Morera මිය යාමෙන් පසුව ටොමිකෝ ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස පිළිගැනීමට ලක්වුණා