ලෝක කඩොලාන සුරැකීමේ දිනයට වනාන්තර වෙන්න සැරසෙන කඩොලාන රක්ෂිත 08 ක්

ලෝක කඩොලාන සුරැකීමේ දිනයට වනාන්තර වෙන්න සැරසෙන කඩොලාන රක්ෂිත 08 ක්

ජූලි 26 වන දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික් කඩොලාන රක්ෂිත 08 ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.

ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500 ක් පමණ වනවා.

“කඩොලාන” වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝය ආශ්‍රිතවයි.

මීට අමතරව ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊශාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී පවතිනවා.

දැනට ලංකාවේ කඩොලාන විශේෂ 21 ක් පමණ වාර්තා වී ඇති අතර කඩොලාන සැලකෙන්නේ සුවිශේෂි පරිසර පද්ධති ලෙසයි.

එමෙන්ම කාබන් තිර කිරීම උදෙසා ලෝකයේ කඩොලාන වෙත මේ වන විට අවධානය යොමු වී ඇති අතර ලෝකයේ බොහෝ තැන්වල කඩොලාන වල ඇති කාබන් සහ ස්වභාවික ආර්ථිකමය වටිනාකම පිළිබඳව පර්යේෂණ කර ඇති අතර ලංකාවේ මේ වන විට කඩොලානවල ආර්ථිකමය වටිනාකම් සම්බන්ධව පර්යේෂණ කරමින් පවතිනවා.

 

Share This