ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි (VIDEO)

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි (VIDEO)

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට(31) යෙදී තිබෙනවා.

මේ වසරේ, නැවත වරක්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පුරා සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් එක්ව තරුණයින්ට දුම්කොළ කර්මාන්තයේ හානිකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමට එක්වනවා.

ඒ අනුව මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව වන්නේ ”දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු” යන්නයි.

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි.

අදට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කළා.

මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This