ලෝක පරිසර දිනය අදයි (VIDEO)

ලෝක පරිසර දිනය අදයි (VIDEO)

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

අපේ කාලයේ ඇතිවන පාරිසරික අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම දිනය සමරන බවයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සඳහන් කරන්නේ.

2024 වර්ෂයේ ලෝක පරිසර දින තේමාව ‘Land Restoration, desertification and drought resilience’ ලෙස නම් කර තිබෙනවා.

එනම් ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම, කාන්තාරකරණය නැවැත්වීම සහ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමයි.

සෞදි අරාබිය මෙම වසරේ ලෝක පරිසර දින වැඩසටහනේ ගෝලීය සත්කාරකයා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලෝක පරිසර දිනය තේමාව ලෙස පරිසර අමාත්‍යාංශය ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්’ ලෙස නම් කර තිබෙනවා.

මතු පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාව දැනුවත් කිරීමට සහ දිනෙන් දින පැනනගින ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමුකරවීම ලෝක පරිසර දින සැමරුමේ අරමුණයි.

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරෙනවා.

මේ නිමිත්තෙන් වන ජාතික සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් අද (05) පෙරවරු 11 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

Share This