
ලෝක ප්‍රකට ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙල පැවැත්වීමට සූදානම් වූ සුප්‍රසිද්ධ ටුමෝරෝලෑන්ඩ් ගිනි ගනී
ලෝක ප්‍රකට ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙල ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඊයේ(16) බෙල්ජියමේ බූම් හි සුප්‍රසිද්ධ ටුමෝරෝලෑන්ඩ් ප්‍රධාන වේදිකාවේ දැවැන්ත ගින්නක් ඇති වුණා.
කෙසේ වුවත් සංවිධායකයින් සහතික කර ඇත්තේ ගින්න නොතකා උත්සවය නියමිත පරිදි සිදුවන බවත්, උත්සවයේ ප්‍රධාන කඳවුරු භූමිය වන ඩ්‍රීම්විල් අද (17) විවෘත කරන බවටයි.
උත්සව සංවිධායකයින්ට අනුව, ගින්නෙන් ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදු වූ අතර එය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබෙනවා.
වාසනාවකට මෙන්, ඊඉයේ දහවල් ගින්න හටගත් අවස්ථාවේ එම ස්ථානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,000 කට ආසන්න සංඛ්‍යාවකින් කිසිවකුට කිසිදු තුවාලයක් සිදුව නැතැයි වාර්තා වුණා.
දැවැන්ත වේදිකා ව්‍යුහය ගිනිදැල්වලින් වැසී ගිය විට කළු දුමාරයක් සහ ගිනි දැල් ඉහළට නැගෙනු දැකගත හැකි වුණා.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ සහ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ ගින්න මධ්‍යයේ වේදිකාව කඩා වැටුණු නාටකාකාර මොහොතයි.
“අපගේ ආදරණීය ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇතැයි,” උත්සව සංවිධායකයින් ඊයේ සවස පැවසුවා.
ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙල හෙට ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ ආරම්භ වීමට නියමිතව තිබූ අතර සති අන්ත දෙකක් පුරා 400,000 ක් පමණ ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කර තිබුණා.