ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක්.

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක්.

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක්හි දේශනයක් පවත්වමින් සිටින අතරතුර දී මෙලෙස ඔහු පිහි ඇනුමකට ලක්ව ඇති බවයි.

රුෂ්ඩි විසින් දේශනයක් කරමින් සිටි, චෞටූක්වා ආයතනයේ වේදිකාවට කඩා වැදුණු අයෙක් රුෂ්ඩිට පිහියෙන් ඇනීමට කටයුතු කරනු සියැසින් දුටු ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරුවෙකු සඳහන් කළේ, පිහි ඇනුම කළ තැනැත්තාව අල්ලා ගන්නට සභාවේ සිටි පිරිසට හැකි වූ බවයි.

කෙසේ නමුත් සුප්‍රකට ලේඛකයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේ දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මෙලෙස පිහි ඇනුමැකට ලක් වූ ලේඛක සල්මාන් රුෂ්ඩි, ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා කොමෙයිනි විසින් ෆත්වා දණ්ඩනය පනවා ඇති අයෙක් වන අතර ඔහුව දුටු තැන මරා දමන ඔනෑ ම අයෙකුට විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ද අයතොල්ලා කොමෙයිනි විසින් නියම කර තිබූ බවද සඳහන්.

රුෂ්ඩිට එරෙහිව ඉරාන ආධ්‍යාත්මික නායකයා විසින් මෙම ෆත්වා දණ්ඩනය පනවා ඇත්තේ, 1988 දී රුෂ්ඩි විසින් ලියා පළ කළ “The Satanic Verses” ”සාතන්ගේ කවි” නම් කෘතිය තුළින් ඉස්ලාම් මතවාදයන්ට අපහාස කරන බව පවසමින්.

 

Share This